Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වරායේ ඩොලර් නැතිව හිරව ඇති කන්ටේනර් ගැන සොයන්න වෙනම නිළධාරියෙක්

By News Team on November 26th, 2021 in Local

පරිප්පු, සීනි, ලුණු සහ අල ඇතුළු ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇතැයි කියන සිද්ධිය වහා බැලීමට වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියෙක් පත්කර තිබෙනවා.

මේ සඳහා වෙළඳ අමාත්‍යාංශයේ අභ්‍යන්තර වෙළඳ කටයුතු භාර අතිරේක ලේකම්වරිය පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කරගැනීමේදී පසුගිය සැප්තැම්බර් මාසයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් එවැනි තත්වයක් තුළ මේ ආකාරයෙන් කට්ටේනර් 1000 ක් සිරවී ඇත්තේ කෙසේද යන්න ගැටලුවක් බවයි වෙළඳ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ යම් ආකාරයකින් මෙලෙස කන්ටේනර් සිරවී ඇත්නම් ඒවා වහා නිදහස් කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් කිරීම සඳහා මහ බැංකුව වෙත දැනුම් දී ඇති බවයි.