Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නව කැළණි පාලමේ ඉදි කිරීම් නිසා අද අලුයම 05 සිට බේස්ලයින් මාර්ගයේ කොටසක් දින දෙකකට වසා දැමේ

By News Team on August 14th, 2021 in Local

නව කැළණි පාලමේ ඉදි කිරීම් හේතුවෙන් අද (14) අලුයම 05 සිට ලබන සඳුදා අලුයම 05 දක්වා බේස්ලයින් මාර්ගයේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොළඹට ඇතුලුවීමේ මාර්ගය කාපට් ඇතිරීම සඳහා තාවකාලිකව වසා දැමෙනවා.

කොළඹින් පිටවන ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වාවු මාර්ගය ගමනාගමනයට විවෘතව පවතිනු ඇති.

විකල්ප මාර්ග ලෙස කොළඹට පැමිණීමේදී කැළණි පාලම – කැළණිතිස්ස වටරවුම හරහා ඉගුරු කඩේ හංදියට පිවිස සිරිමාවෝ බණ්ඩාරනායක මාවත – ආමර් බාබර් හංදියෙන් මහා විද්‍යාලය මාවත ඔස්සේ පිටකොටුවටත් – ආමර් වීදිය – පංචිකාවත්ත වටරවුම – මරදාන හරහා පිටකොටුවටත් බොරැල්ල දෙසටත් ගමන් කල හැකි වනවා.

ප්‍රදීපා මාවත – සද්ධර්ම මාවතින් නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසටද ගමන් කල හැකි බව පොලිසිය සඳහන් කළා.