Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට ජාතික සම්පත් විකිණීමට එරෙහිව අද උද්ඝෝෂණයක්

By News Team on October 12th, 2021 in Local

තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය අද (12) ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

ඒ ජාතික සම්පත් විකිණීමට එරෙහිවයි.

ඔවුන් චෝදනා කරන්නේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව තවත් ගිවිසුමක් රජය අද (12) දිනයේ දී අත්සන් තැබීමට සුදානම් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ සන්ධානය කියා සිටින්නේ මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා අමරිකාවේ නිව් ෆෝටරස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අද දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි.