Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තෙල් මිල දැන් අඩු කරන ලෙස ඉල්ලා මුදල් ඇමතිට යෝජනාවක්

By News Team on August 22nd, 2021 in Local

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ සිඝ්‍රයෙන් පහළ ගොස් තිබීම හේතුවෙන් මෙරට ඉන්ධන මිල වහාම අඩුකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ පසුගිය ජුලි 30 වනදා වන විට අමෙරිකානු ඩොලර් 73 ක අධික මිලකට අලෙවි වූ බොරතෙල් බැරලය පෙරේදා දිනය වන විට අමෙරිකානු ඩොලර් 62 දක්වා මිළ පහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ මිළ ඉහළ යාමේදී මෙරට ඉන්ධන මිළ ඉහළ දැමුවා සේම මිළ අඩුවීමේ වාසියද ජනතාවට ලබා දෙන ලෙසයි එම ව්‍යාපාරය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.