Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකාවෙන් රුසියාවට දුරකථන ඇමතුමක්

By News Team on February 2nd, 2022 in International

ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් නොමැති නම් රුසියානු හමුදාව යුක්රේන දේශ සිමාවෙන් ඉවත් කරගන්නා ලෙස අමෙරිකාව රුසියාවට දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මේ බව දැනුම් දී ඇති බවයි.

පැය භාගයකට වැඩි කාලයක් මෙම දුරකථන සංවාදයේ දී වැඩි වශයෙන් කතාබහට ලක් වී ඇත්තේ රුසියාව සහ යුක්රේන අතර පවතින දේශසීමා අර්බුදයයි.

කෙසේ වෙතත් මේ වන විට රුසියාව සිය හමුදා භටයින් ලක්ෂයක පිරිසක් යුක්රේන දේශ සීමාවේ ස්ථානගත කර තිබෙනවා.