Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද සිට ක්‍රියාත්මක කෙරේ

By News Team on October 16th, 2021 in Local

අද (16) සිට 31 වනදා දක්වා ක්‍රමික්‍රව රට විවෘත කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, ශ්වසන ආචාර විධි පත්වා ගැනීම, දෑත් සනීපාරක්ෂාව, මතුපිට පෘෂ්ඨ විෂබීජහරණය, නිවැරදිව මුව ආවරණ පැළඳීම වැනි ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

එමෙන්ම කොවිඩ් ආසාදිත නොවන මෘත දේහ සම්බන්ධයෙන් මළ සිරුර මුදාහැර පැය 24ක් තුල පැවැත්විය යුතු අතර ඕනෑම වෙලාවක සිටිය හැක්කේ පුද්ගලයන් 20 දෙනෙකුට පමණයි.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර හිමිවන්නේ නැහැ.

විශේෂිත උත්සවවලදී වෙනම මාර්ගෝපදේශ නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව විභාග ඵැවැත්විය හැකි අතර උපකාරක පන්ති සඳහා තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙක් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් 21 වනදා අලුයම 4 දක්වා බලපැවැත්වෙන අතර අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා ද අවසර හිමිවන්නේ නැහැ.

පොදු ප්‍රවාහනයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණයි.

පොදු ප්‍රවාහන සේවාවන්වලදී වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුයි. සෑම විටම මුහුණු ආවරණයක් නිසියාකාරව පැළඳ සිටීම ද අත්‍යවශ්‍ය වනවා.

තවදුරටත් ආයතනවලට පැමිණෙන සේවකයන් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතුයි.

කෙසේ වෙතත් මෙය අත්‍යවශ්‍ය සේවා හා කර්මාන්තවලට අදාළ වන්නේ නැහැ.

කිරි දෙන මව්වරුන් ඔවුන්ට හිමි නිවාඩු කාලයෙන් පසුව සේවයට වාර්තා කළ යුතුයි. නැවත දැනුම් දෙන තුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන ආකාරයට සිසුන් 200ට අඩු ගණනක් ඇති පාසල් පළමුවෙන් විවෘත කළ හැකියි.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘතව පවතිනවා.

පෙර පාසල්වලට පැමිණෙන ළමුන් ගණනින් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබාදී තිබෙනවා.

විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි අතර පැමිණීමෙන් සංඛ්‍යාව අඩු කර මාර්ගගත ක්‍රම සමග ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුයි.

වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබාදී තිබෙනවා.

සිනමා ශාලා සියයට 25ක ආසන ධාරිතාවයෙන් ලබන 21 වනදා සිට පවත්වාගෙන යාමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මංගල උත්සව සඳහා ඇතුලත් කර ගත හැකි පුද්ගලයන් ගණනින් සියයට 25ක ප්‍රමාණයක් පිරෙන ආකාරයට උපරිම පුද්ගලයන් 50 දෙනෙකුට සීමා කර සිදු කළ යුතුයි.

එළිමහන් උත්සවයක් නම් ඒ සඳහා 75 දෙනෙකුට සහභාගී වීමට අවස්ථාව හිමිවනවා.

බාබර් සහ රූපලාවන්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි.

පරිභෝජනය කරන අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගත හැකි අතර උපරිමය ගනුදෙනුකරුවන් 50කට සීමා වනවා.

අවන්හල් තුල මත්පැන් භාවිතය තවදුරටත් තහනම්. අවන්හල්වල එළිමහන් ආසන සැකසීමේදී ගනුදෙනුකරුවන් 60ක් ඇතුලත් කර ගැනීමට ලබන 21 වනදා සිට අවසර හිමි වනවා.

ලබන 31 වනදාට පෙර පවතින තත්වය සමාලෝචනය කරන අතර පවතින තත්වයට අනුකූලව ඉදිරි මාසය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.