Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

By News Team on November 16th, 2021 in Local

මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද (16) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් පස්වරුවේ නිකුත් කළා.

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබෙනවා.

එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.