Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බස්නාහිර කොවිඩ් රෝගීන් ප්‍රථිකාර වෙත යොමු කිරීමට අද නව ක්‍රමවේදයක්

By News Team on August 19th, 2021 in Local

බස්නාහිර පළාත තුළ කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා පරිපාලනය සදහා අද සිට නව ක්‍රමයක් හදුන්වා දි තිබෙනවා.

මෙම ක්‍රමවේදය කෙටි පණිවිඩ හා දුරකථන ඇමතුම් ක්‍රමවේද දෙකකින් සමන්විතයි.

කොවිඩ් වැළදුනු රෝගීන් අතරින් ශ්වසන අපහසුතා ඇති රෝගීන් ඉංග්‍රීසි A අකුර සටහන් කර වයස – හැදුනුම්පත් අංකය හා ලිපිනය සදහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් යොමුකළ යුතුයි.

උණ තත්වයෙන් පෙළෙන කොරෝනා රෝගින් B අක්ෂරයත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති කොරෝනා රෝගින් C අක්ෂරයත් සමග අදාල විස්තර යොමුකළ යුතුයි.

මෙලෙස කෙටි පණිවිඩ මගින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත යොමු කිරිමෙන් පසු ඉදිරි පියවර ගැනෙනු ඇති.

අනතුරුව 247 ක්ෂණික දුරකථන අංකයෙන් රෝගින් සමග සම්බන්ධ වී රෝගි තත්වය නිශ්චය කර කර ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇති.

නිවෙස්වල නිරෝධායනයට ලක්වන පිරිසට 1390 හරහා උපදෙස් ලබාදෙනු බවයි සෞඛ්‍ය අමාතයාංශය නිවේදනය කලේ.