Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අබුද්දස්ස කාලේ ඇහෙන පුවත් – පිරිත් නොදැම්ම නිසා ලොකු නම පොඩි නම කැත්තෙන් කොටයි

By News Team on November 25th, 2021 in Gossip

පිරිත් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් හිමි නමක් තවත් හිමිනමකට කැත්තකින් පහරදී රෝහල් ගතකර කර තිබෙනවා.

වැලිපැන්න පොලිසියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක්දෙ අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශයකයෙක් ප්‍රකාශ කළා.

තුවාල ලබා ඇත්තේ 21 ක් හැවිරිදි හිමි නමක් වන අතර, පහරදී ඇත්තේ 28 හැවිරිදි හිමි නමක් බවයි පොලීසිය සඳහන් කළේ.

වැලිපැන්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.