Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකා ක්‍රිකට් විකල්ප කණ්ඩායමේ ක්‍රීඩකයෙකුටත් කොරෝනා ආසාධිත වෙයි

By News Team on July 11th, 2021 in Sport

ශ්‍රී ලංකා විකල්ප සීමිත පන්දුවාර සංචිතයේ ක්‍රීඩකයෙකුටද කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී තිබෙනවා.

ඉන්දියාවට එරෙහි විකල්ප සංචිතයට නම් කර තිබු ජෛව ආරක්ෂණ බුබුළ තුළ පුහුණු වෙමින් සිටි ක්‍රීඩකයෙක් බවයි වාර්තා වන්නේ.

ජාතික කණ්ඩායම හුදකලා කර ඇති අවස්ථාවක නම් කළ විකල්ප කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ද මෙලෙස ආසාධිතයෙකු වීම ශ්‍රී ලංකා පාර්ශවයට දැඩි බලපෑමක් වනු ඇති බවයි ක්‍රිකට් විස්තර විචාරකයෝ පෙන්වා දෙන්නේ.

මේ වන විටත් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් ද කොරෝනා ආසාධිතයින් බව හඳුනා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව සංචිත 2ක් පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබනවා.

ඔවුන් කොළඹ සහ දඹුල්ලේ දී වෙන වෙනම පුහුණුවීම් වල නිරත වන බවයි වාර්තා වන්නේ.