Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පොළොන්නරුවේ සිදු කිරීමට ගිය යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් අතරමඟ නතර කෙරේ

By News Team on September 5th, 2021 in Local

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව සැලසුම් කළ ඇවිදින මං තීරුව ඉදිකිරීම් අත්හිටුවා තිබෙනවා.

මහා සංඝරත්නය ඇතුළු සියලු පාර්ශවවල එකඟතාව හිමි වන්නේ නම් පමණක් යළි එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් පරාක්‍රම රළපනාව ආශ්‍රිතව ඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති ගල් යළි සකස් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.