Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉන්දියාවට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් පැනවේ

By News Team on October 2nd, 2021 in International

ඉන්දියාවට පැමිණෙන සියලු බ්‍රිතාන්‍යය ජාතිකයන්ට දින 10ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් පනවා තිබෙනවා.

මෙම තීරණය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එන්නත්කරණ තත්වය නොසලකා මෙම නිරෝධායන කාලසීමාව බලපැවැත්වෙන අතර ඉන්දියාවට පැමිණීමට පැය 72කට පෙර, පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේදී සහ පැමිණි 08 වන දිනයේ දී PCR පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු වනවා.

රටවල් රැසක් පුරවැසියන්ට බ්‍රිතාන්‍යයට පැමිණීමේදී බලාත්මක නිරෝධායන නීති පසුගියදා ඉවත් කෙරුණද ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් තවදුරටත් රතු ලැයිස්තුවට ඇතුළත්වයි පවතින්නේ.

බ්‍රිතාන්‍යයේ මෙම ප්‍රතිපත්තියට එකට එක් කිරීම ලෙස ඉන්දියාව නව නීතිය පනවා ඇති බවයි වාර්තා වන්නේ.