Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සම්භාහන මධ්‍යස්ථානයකට ආ පුද්ගලයෙක් හදිසියේම මියයයි

By News Team on July 29th, 2021 in Gossip

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්භාහන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා අද (29) අළුයම 5.10ට පමණ සම්භාහනයක් සිදු කර ගැනීම සඳහා පැමිණ ඇති අතර පසුව සුළු වෙලාවකින් ඔහු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක විවාහක පුද්ගලයෙක් බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

පොලීසිය මේ වන විට අදාළ පුද්ගලයාට සේවය සැපයු කාන්තාවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දක්වා මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා අයිස් සහ ගංජා යන මත්ද්‍රව්‍ය දෙකට අමතරව බීමතින් සිට ඇති බවයි.

ඔහුට හදවත් සැත්කමක් සිදුකර තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමග ගම්පහ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසේ සති දෙකක පමණ කාලයක් සිට යළිත් නිවසට තනිව පැමිණ සිටියදී ඔහු සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර තලංගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.