Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙල්බර්න් නගරයට රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබල භූමිකම්පාවක්

By News Team on September 22nd, 2021 in International

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබල භූමි කම්පාවක් හටගෙන තිබෙනවා.

මෙම භූකම්පනය අද (22) එරට වේලාවෙන් පෙරවරු 09.15ට පමණ හටගත් මෙම භූමිකම්පාවෙන් කිසිඳු ජිවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙල්බර්න් වාර්තා සඳහන් කරන්නේ භූකම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි.

මෙල්බර්න් නුවරට නැගෙනහිරින් මෑන්ස්ෆීල්ඩ් නම් ප්‍රදේශයේ හටගත් මෙම කම්පනය තත්පර 30 කට ආසන්න කාලයක් පැවති අතර එය සිඩ්නි සහ කැන්බරා නගර වෙතද දැනී තිබෙනවා.