Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වාහන ආනයනය තහනම මැද හම්බන්තොට කෝටි හයක සැප වාහනයක් එයි

By News Team on December 11th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකාවට වාහන ආනයනය තහනම කර තිබියදී ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වෙත රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

මෙම වාහනය ශ්‍රී ලංකාවේ වෙළඳ වටිනාකමින් රුපියල් කෝටි 6ක් පමණ වන අතර එම මෝටර් රථයේ තීරු බදු රහිතව වටිනාකම රුපියල් කෝටි එකහමාරක් වනවා.

හම්බන්තොට වරායේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බවයි.