Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගේට්ටුවක් කඩා වැටීමෙන් කුඩා දැරියක් මරුට

By News Team on January 30th, 2022 in Local

තඹුත්තේගම ප්‍රදේශයේ කුඩා දැරියකගේ ශරීරය මතට ගේට්ටුවක් කඩා වැටීමෙන් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ D 2 ඇල පාර, මුසල්පිටිය යන ප්‍රදේශයේ පදිංචි සිටි 06 හැවිරිදි දැරියක් බවයි.

එම දැරිය ඇගේ මව සමග ගුරුවරියකගේ නිවසට ගොස් එම නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ ඇති අතර, මව විසින් එම ගේට්ටුව තල්ලු කිරීමට උත්සහ දරණ අවස්ථාවේදී එය දැරියගේ ඇග මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) සිදුකිරීමට නියමිතයි.