Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ළඟදීම ලංකාවට Light Train පද්ධතියක්

By News Team on November 26th, 2021 in Local

මෙරට දුම්රිය ධාවනයේ මන්දගාමී බව හේතුවෙන් දුම්රිය සේවාව ජනප්‍රිය නොවන ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

මේ වන විට භාවිතා නොකරන සියලු දුම්රිය මාර්ග නවීකරණයකර කඩිනමින් භාවිතයට ගැනීමට මඟී ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.