Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වෘත්තීය සමිති පිරිසක් කාදිනල් හිමියන් හමුවීමට තීරණය කරයි

By News Team on October 22nd, 2021 in Local

වත්මන් රජය විසින් ජාතික සම්පත් විකිණීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද (22) දිනයේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් – විදුලිය සහ වරාය ඒකාබද්ධ සන්ධානය පවසනවා.

වරාය වෘත්තීය සමිති කියා සිටියේ ආගමික නායකයින් ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙක් සමඟ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි.

එම ඒකාබද්ධ සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ අද (22) පස්වරු 05ට බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේ දී කාදිනල් හිමියන් සමඟද මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.