Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් තෑග්ගක්

By News Team on July 17th, 2021 in Local

සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.

නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදාගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සඳහන් කළේ.

මෙම නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38 ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිතයි.

2015 වසරේදී සවිකර, මේ වන විට අක්‍රීයව පවතින මෙවැනි සම්ප්‍රේෂක 1,250 ක් බහු දින යාත්‍රා සතු වනවා.

එම යන්ත්‍ර යාවත්කාලීන කිරීමට සහාය වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කළ ඉල්ලීම ඉටු කිරීම කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.