Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විනය කැඩූ තිදෙනා ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුව නම් කෙරේ

By News Team on July 8th, 2021 in Sport

එංගලන්ත තරඟ සංචාරයේ දී ජෛව බුබුලෙන් පිටතට යාම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති චෝදනා විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නාමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමලත් මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම විමර්ශණ අවසන් වන තෙක් අදාළ ක්‍රීඩකයන් තුන්දෙනාට ක්‍රිකට් තරග තහනමක් ද මේවන විට පනවා ඇති බවයි වාර්තා වන්නේ.