Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු සංගම් සහ ඇමති අනු කමිටුව අතර සාකච්ඡාවක් අද

By News Team on August 18th, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප්ගැටළුව විසඳීමට පත් කළ ඇමති අනු කමිටුව සහ වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වෙනවා.

එම වෘත්තීය සමිති සඳහන් කළේ අද (18) පස්වරුවේ කොළඹ දී අදාළ සාකච්ඡා පැවැත්වෙන බවයි.

මෙම සාකච්ඡා ඊයේ (17) දිනයේ පැවැත්වීමට නියමිත වුවත් එය අද (18) දක්වා කල් ගියා.