Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

By News Team on November 24th, 2021 in Local

අධිවේගි මාර්ගවල ගාස්තු ගෙවීම සඳහා ලංකා කිව් ආර් ගෙවීම් ක්‍රමවේදය භාවිත කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව මෙම ලංකා කිව් ආර් ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සදහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක ලංකා කිව් ආර් යෙදුම සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති කිව් ආර් කේතය මගින් තත්පර 08 ත් 10 ත් අතර කාලයක් තුල අදාළ ගෙවීම සිදුකිරීමට අධිවේගි මාර්ගය භාවිත කරන ලබන රියදුරන්ට එමගින් හැකියාව ලැබෙනු ඇති.