Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් දොට්ට දැමීමේ තීරණයක්

By News Team on August 20th, 2021 in Exclusive Story

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සනාථ කළේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.

වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

ඔහු මේ වනවිට සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

මෙම තනතුරට පත් කිරීමට පෙර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) ‍ලෙසද කටයුතු කර තිබේ.

මෙම තනතුරු සංශෝධනයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

අරුණ පුවත්පත