Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව විසදන්න අගමැති ප්‍රමුඛත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කරයි

By News Team on July 27th, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාළව විසදුම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ කැඳවා දැනුම් දීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද (27) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ගුරු සංගම් සඳහන් කරන්නේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී ඉල්ලීම් ඉටු නොවුණහොත් ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වන බවයි.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කර තිබෙනවා.

ඊයේ (26) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම අනු කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ මුලික අදියර ඉදිරි අයවැයේ දී ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.