Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ඝන් සංක්‍රමණිකයන් ඇතුළු වීම වළක්වාලීමට තුර්කියෙන් කිලෝමීටර් 40ක තාප්පයක්

By News Team on August 21st, 2021 in International

සිය රටට ඇෆ්ඝන් නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතුළු වීම වළක්වාලීම සඳහා ග්‍රීසිය විසින් තුර්කි දේශ සීමාවේ කිලෝමීටර් 40ක තාප්පයක් සහ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

ඔවුන් මෙලෙස පියවර ගෙන ඇත්තේ ඇෆ්ඝන් සංක්‍රමණිකයන්ගේ වගකීම භාර ගන්නා ලෙස තුර්කිය විසින් ඊයේ (20) දිනයේ දී ඉල්ලා සිටීමත් සමඟයි.

ග්‍රීක් අගමැති සහ තුර්කි ජනාධිපති අතර ඊයේ (20) දිනයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

ආසියානු සහ මැද පෙරදිග රටවල සිට යුරෝපයට සංක්‍රමණයවීමේදී ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ලෙස තුර්කිය සහ ග්‍රීසිය සැලකෙනවා.