Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විහාර මහා දේවී උද්‍යානයේ දී පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයක්

By News Team on August 1st, 2021 in Local

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දෙනවා මාත්‍රාව අද (01) උදෑසන 8.30 සිට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී ලබාදීමට නියමිතව තිබෙනවා.

ඊට අමතවර එම මධ්‍යස්ථානය පැය 24 පුරාම එන්නත් ලබාදීමේ කටයුතු සිදු කිරීමටද නියමිත අතර මෙය ශ්‍රී ලංකාවේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පළමු එන්නත් මධ්‍යස්ථානය ලෙසයි සැලකෙන්නේ.

ඊයේ (31) දිනයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ගෙන එනු ලැබුවා.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728460ක් අද (01) බස්නාහිර පළාතේ ස්ථාන 76කදී ලබාදීමට නියමිතයි.

එන්නත් ලබාගැනීමට පැමිණීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් එන්නත් කාඩ්පත රැගෙන යාම අනිවාර්ය වනු ඇති.