Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නාරම්මල නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියෙක් මරුට

By News Team on November 9th, 2021 in Local

අලව්ව නාරම්මල වන්නොරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ අනතුර සිදුවන අවස්ථාවේ තරුණියගේ මව සහ සහෝදරයාද නිවස තුළ සිටි නමුත් ඔවුන්ට කිසිඳු තුවාලයක් සිදුව නැහැ.

මෙලෙස මියගිය ගොස් ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරියෙක් ලෙස කටයුතු කරන 23 හැවිරිදි තරුණියෙකි.