රාජ්‍ය ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්.!

2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2024 වසරේ මුල් මාස 05 දී රාජ්‍ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයකි.

මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා නිකුත් කරනු ලබන ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *