ඉදිරියේදී සියලුම රක්ෂිතයන්හි පිහිටි අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවත් එවැනි ඉදිකිරීම් තිබේනම් ඊට පෙර එම ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙසත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා
“සමහරු අහනවා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ තියෙනවලු ඩඩ්ලිගේ හෝටලේ ඒක දාලා නැහැලු මේ පාර මේ වැඩේට. ඕනි එකෙක් ඕනෙ දෙයක් කියා ගත්තු දෙන්. වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ අපි තෝරගත්තු ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි අපි අදියරයන් අදියර යනවා.
මේ අවුරුද්දේ ඔක්කොම කරන්න බෑ. ඔය ගොල්ලොත් වැව් තාවුළුවල හොටෙල් කරගෙන ඉන්නවනම් අයින් කරන්න කලින් යන්න. අයින් කරනාවාමයි. ඒක ඩඩ්ලි සිරිසේනද අපිට එකෙක්වත් ලොකු නැහැ. එයාව අපිට ලොකුයි වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී. ඒ ක්ෂේත්‍රයේදී එයා ලොකු මිනිහෙක්”



ප්‍රතිචාරයක් ලබාදෙන්න