ප්‍රගිත් එක්නැලිගොඩගේ නඩුව අද යළි කැඳවයි.!

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද යළි විභාගයට ගැනිණි.

නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකාරියකගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබු අතර, ඉන් අනතුරුව වැඩ තුළ සාක්ෂි විභාගය අගෝස්තු මස 29 වනදා දක්වා කල් තැබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *