ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් නිවාස අහිමි අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයන්ගේ පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 7ක නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට රුපියල් ලක්ෂ 10 දක්වා රුපියල් ලක්ෂ 3කින් ඉහල දමා තිබෙනවා.
ඒ අද 18.07.2025 දින ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ තීරණයක් අනූවයි.
මීට අමතරව අඩු ආදායම් ලාභී පුද්ගලයන් සහිත පවුල් සඳහා නිවාස අළුත්වැඩියාව වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 3ක මුදල රුපියල් ලක්ෂ 5 දක්වා රුපියල් ලක්ෂ 2කින් ඉහල දැමීමටත්, වැසිකිලි ඉදිකිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක මුදල එක් ලක්ෂ පනස්දහස දක්වා රුපියක් පනස් දහසකින් වැඩි කිරීමටත් එම සභාව තීරණය කර තිබෙනවා.




ප්‍රතිචාරයක් ලබාදෙන්න