වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ජනමාධ්‍යවලත් ජනතාව අතරත් නිරන්තර කතාබහට ලක්වන අමාත්‍යාංශයකි. ජාතික ජන බලවේග රජයට චෝදනා කිරීමට සැරසී සිරින පිරිස් විටෙක සහල් හිඟයක් ද තවත් විටෙක ලුණු හිඟයක් ද ඈඳා ගනිමින් කෙන්ද කන්ද කර පෙන්වති. එහෙත් මේ අමාත්‍යාංශයේ ඵලදායීතාව පිළිබඳ එතරම් සාකච්ඡාවට බඳුන් නොවෙයි. එහි පැතිකඩ අනාවරණය කර පෙන්වීම ද අපගේ වගකීම වෙයි.එබැවින් මෙවර සීමාසහිත වාණිජ විවිධ නීතිගත සංස්ථාව හිමිකරගෙන තිබෙන ජයග්‍රහණ පිළිබඳ අපගේ අවධානය යොමුවෙයි.
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථාව (Sri Lanka State Trading Corporation)1970 අංක 33 පනත මඟින් ස්ථාපිත වූවකි. පසුව එය 1981 අංක 67 දරන පනතින් ද 1982 අංක 14 සමාගම් පනතින් ද විවිධතා එක්කර ගනිමින් වර්තමානය වනවිට සීමාසහිත රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව (Sri Lanka State Trading Genaral corporation Ltd) ලෙස නාමකරණය වී ඇත. මේ ආයතනය ජනගත වී ඇති පොදු නාමය STC යන්නයි. අතීතයේ මේ ආයතනය ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ ට්‍රැක්ටර් සමාගම යන නමිනි. රටට අවශ්‍යම කාර්මික උපකරණ ආනයනය සහ විකිණීම මේ ආයතනය මඟින් සිදු වීම එයට හේතුවයි.
1970 දී මේ ආයතනය ඇරඹීමේ අපේක්ෂාව වූයේ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය භාණ්ඩ සහ කාර්මික උපකරණ ගෙන්වීමයි. කල්පැවැත්ම වැඩි ගුණාත්මක අගයකින් යුතු කාර්මික උපකරණ ආනයනය මෙන්ම වියදම් පිළිබඳ සකසුරුවම් වීම අපේක්ෂාව වී ඇත. පෞද්ගලික අංශ මඟින් අධික මිල ගණන්වලට විකුණන යන්ත්‍රෝපකරණ සහ විදුලි උපකරණවල මිල පාලනය ද මෙමඟින් සිදු විය. එහෙත් බොහෝ රාජ්‍ය ආයතනවලට අත්වූ ඉරණම STCයට ද උරුම කරදීමට පැවති රජයන් කටයුතු කර තිබුණි. කාර්මික උපකරණ ආනයනය කර විකිණීම පසෙක තබා පෞද්ගලික ආනයනකරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගෙන විකිණීම සිදු කරගෙන ගොස් ඇත. ආහාර ද්‍රව්‍ය ආනයනයට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව තිබියදී STC ආයතනය මඟින් උඳු , මුං සහල් ආනයනය කර ඇත. එමඟින් සිදුවී ඇත්තේ මේ රාජ්‍ය ආයතන දෙකම බිඳවැටීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීමයි.
මෙතෙක් ආයතනය ලැබූ මුඛ්‍ය වෙළෙඳාමේ ආදායම බිලියන 2.9ක් විය. ජාතික ජන බලවේග රජය පැමිණීමෙන් පසු වසර 54ක STC ඉතිහාසයේ ආයතනික මුඛ්‍ය ව්‍යාපාරයෙන් ලැබූ වැඩිම ආදායම වාර්තා කළේය. ඒ බිලියන 4.46කි.
වෙළෙඳ ඇමැතිවරයාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථා සභාපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ කැපවීම මඟින් 2025 මාර්තු 31 වනවිට අය වැයෙන් අපේක්ෂිත විකුණුම් ආදායම රුපියල් මිලියන 5025.51ක් වුවත් එය රුපියල් මිලියන 8649.70ක් දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇත. අය වැයෙන් අපේක්ෂිත ශුද්ධ ලාභය රුපියල් මිලියන 30.72 ක් වූ අතර එය රුපියල් මිලියන 367ක් දක්වා විශාල වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී ඇත.
පැවති රජයන් තමන්ගේ සහ හිතමිතුරන්ගේ ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරමින් පෞද්ගලික ආනයනකරුවන්ට ඉඩකඩ ලබාදෙමින් STC අපේක්ෂා අත්හැර දැමීය. ආයතනය මඟින් පමණක් ආනයනය කළ ද්‍රව්‍ය පවා අඩු මිලට ගැනීමට හැකි අවස්ථා මඟ හැර කොමිස් පංගුව ගැනම සිතා ආයතනයේ ලාභ පංගුව අත්හැර දැමීය. එහෙත් මේ වනවිට මිල ගණන් පිළිබඳ මැනවින් සලකා බලා ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ම කටයුතු කර තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න