සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පලායයි.!

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකළ අතර එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර යන අය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවුණි.

එම සැකකරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර සැකකරු අද උදෑසන බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *