යුරෝපා සංගමයේ පිරිසක් අද දිවයිනට.!

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන මැයි මස 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇත.

එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Spread the news

Comments

2 responses to “යුරෝපා සංගමයේ පිරිසක් අද දිවයිනට.!”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *