පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළෙඳපොළේ.. ජාවාරමුන්ට වැඩ වරදී.!

පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවය.

“පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන තියෙනවා. ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කෙරෙනවා. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදුකර වෙළෙඳපොළට නිකුත් කරනවා.”

“අපේ රටේ සිදුවන තවත් එක් ජාවාරමක් තමා මේක. අපි පිරිසිදු කරපු ඒවා ගේනවා නොකරපු ඒවා ගේනවා. එහෙම ගෙනල්ලා කරන ජාවාරම් මඟින් අපි හඳුනාගෙන තියෙනවා මාස 11 කම්පැනි තියෙන්නේ. 12 මාසේ ගිණුම් හදන්නේ නැතුව කම්පැනිය වහනවා. ඒ නිසා අපි අපේ පැත්තෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රේගුව හරහා ලංකාව ඇතුළට එන ඒවා මේ වනවිටත් හඳුනාගෙන තියෙනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *