22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට

22 වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති තවත් පෙත්සම් දෙකක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය 19 හා 20 වැනි දෙදින තුළ ලැබුණු පිටපත් 7 අමතර මෙම පෙත්සම් දෙකෙහිද පිටපත් තමා වෙත ලැබී ඇති බවය.

පසුගිය 19 වැනිදා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව කථානායකවරයා වෙත පෙත්සම් තුනක පිටපත් ලැබී තිබූ අතර ඊයේ (20) වන දින තවත් පෙත්සම් 4ක පිටපත් ඔහු වෙත ලැබී තිබුණි.

ඒ අනුව 22 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කථානායකවරයා වෙත මේ දක්වා පෙත්සම් 9ක පිටපත් ලැබී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *