ඊයේ (15) සිදුවූ අනතුරින් බස් රථ දෙකේ ගමන් ගත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, බස් රථ දෙකට අලාභ හානි සිදු වී ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කල පෞද්ගලික බස් රථ දෙකක රියදුරන් හට හෙට දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දෙමින් බස් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල කඩින් කඩ ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු නිසාත් එම මාර්ගයට පස් කදුකඩා වැටීමේ අවදානමක් පවතින නිසාත් එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ට සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස උපදෙස් ලබා තිබේ.
මෙවන් පසුබිමක මෙම රියදුරන් අපරික්ෂාකාරීව නොසැළකිලිමත් ආකාරයෙන් බස්රථ ධාවනය කර ඇති නිසා ඔවුන්ට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
මහනුවර සිට හැටන් දක්වා ධාවනයකළ පෞද්ගලික බස් රථ දෙකක් ගිනිගත්හේන පේරගොල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස එකිනෙකට ඉස්සර කිරීමට යෑමේදී අනතුරක් සිදුව ඇත.
ඊයේ (15) සිදුවූ අනතුරින් බස් රථ දෙකේ ගමන් ගත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, බස් රථ දෙකට අලාභ හානි සිදු වී ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කල පෞද්ගලික බස් රථ දෙකක රියදුරන් හට හෙට දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දෙමින් බස් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල කඩින් කඩ ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු නිසාත් එම මාර්ගයට පස් කදුකඩා වැටීමේ අවදානමක් පවතින නිසාත් එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ට සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස උපදෙස් ලබා තිබේ.
මෙවන් පසුබිමක මෙම රියදුරන් අපරික්ෂාකාරීව නොසැළකිලිමත් ආකාරයෙන් බස්රථ ධාවනය කර ඇති නිසා ඔවුන්ට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න