මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.
ඊයේ (01) දහවල් කාලයේදී මට්ටක්කුලිය පොලිස් වසමට අයත් ෆර්ගියුසන් පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සාර්ථක වැටලීම දියත් කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 05 මුද්‍රා තැබූ හෙරොයින් පැකට් සහ තවත් ග්‍රෑම් 140ක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 50,000ක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ ස්මාර්ට් ජංගම දුරකථන 02ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.
සැකකරු සහ සොයාගත් නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න