පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

සැකකරු අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසු කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය අතර ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇත.

2024 වසරේ අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව සැකකරු අතුරුදන්ව සිටි අතර පසුව වාර්තා වූයේ ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බවය.

සැකකරුට ඇප නියම කර තිබුණද ඊළඟ නඩු වාරය දක්වා එහිදී විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පැනවූ අතර ඊට අදාළ ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් පොඩි ලැසී ඉන්දියාවට පලා ගොස් තිබුණි.

පසුව ඔහු ඉන්දියාවේ මුම්බායි හිදී පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත් වූ අතර ඒ නීති විරෝධි ලෙස ඉන්දියාවට ඇතුල් වීමේ චෝදනා මතය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *