ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබඳ AI Impact ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා අද (17) පස්වරුවේ පිටව ගොස් තිබේ.
මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරු 02.05ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව ගොස් ඇත



ප්‍රතිචාරයක් ලබාදෙන්න