සිංහ – කැන්ගරු විස්සයි විස්ස සටන අද .

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ. 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් මාර්ෂ් විසිනි. 

‘ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය’ යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. 

මේ වනවිට ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවෙයි.

සුපිරි අට දෙනාගේ වටයට රැඳිසිටීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *