2025 වසරේ ඩෙංගු රෝගීන් 4931ක් වාර්තා වුවද, මේ වසරේ ගත වූ දින හයට රෝගීන් 1598ක් වාර්තා වී ඇත. දිට්වා සුළු කුණාටුවට පසු සහ මේ දිනවල පවත්නා වැසි තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානම වැඩිවනු ඇති බැව් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
එබැවින් තත්ත්වය උත්සන්න වන තෙක් නොසිට නිකසළ පුරයක් – සුවබර දිවියක්’ තේවාම යටතේ පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදිනක ජාතික වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ අතර එය අද 9 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වේ.
මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදර්න ඒකකය, ශ්‍රී ලංකා පොලිසිය, පරිසර ආරක්ෂක කොට්ඨාසය ඒකාබද්ධව, අධ්‍යාපන, ආරක්ෂක, පරිසර යන අමාත්‍යාංශ දායකත්වය ඇතිව පළාත් පාලන ආයතන මට්ටමින් පැවැත්වේ. ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්දන වැඩසටහන සහ අධ්‍යාපන ක්ෂේත්රය ආවරණය වන ආයතන සඳහා ඩෙංගු මර්දන වැඩසටහන ඉකුත් දෙදින තුළ පවත්වන ලදි.
අද (9) රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආවරණය වන ඩෙංගු මර්දන වැඩසටහන ද දීපව්‍යාප්තව පැවැත්වේ. සමස්ත පළාත් පාලන ආයතන 341 ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර සමාරම්භක අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ද එක්විය.
ඩෙංගු ශීඝ්‍රයෙන් ඉහළට මේ වසරේ පළමු දින 6ය රෝගීන් 1598ක්.
Spread the news
අලුත්ම පුවත්
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .



ප්‍රතිචාරයක් ලබාදෙන්න