මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 02 දා තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව දුරකථන වාර්ථා විශ්ලේෂණය කර තිබේ.

එහිදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සම්බන්ධ බවට තොරතුරු හෙළි වීමෙන් පසුව මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

එකී ජාලයට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොස්තාපල්වරයා කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධවී ජාවාරම් කරගෙන ගොස් ඇති බවට විමර්ශන වලදී අණාවරණය වී ඇත.

සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුරටත් විමර්ශන සිදුකරීමට නියමිතය.

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *