උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමාවෙයි.

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි.

උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.‍ෙ

මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, ඊයේ දින උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ද ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලි පැනීමකට ලක්විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *