කොටහේන වෙඩි තැබීමට සම්බන්ධව කාන්තාවක් අත්අඩංගුවට.

කොටහේන ප්‍රදේශයේ පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 07 වැනි දින කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අදාළ කාන්තාව ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වූ ආදුරුප්පුවීදිය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයේදී මෙම අපරාධය සිදු කිරීම සඳහා විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සමග සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබා දීම සහ මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධව තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට මෙම සැකකාරිය විසින් ලබා දී ඇති බව හෙළිකරගෙන තිබේ.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශන මත අදාළ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *