ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 460ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හලාවත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි..

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *