පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාත් සියදිවි නසා ගනී.

ගම්පොල, මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී දැරියක් ඝාතනය කළ පුද්ගලයකු සියදිවි හානි කරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 16 හැවිරිදි දැරියකි.

අදාළ දැරිය සිය නිවසේ සිටින අවස්ථාවේදී සැකකරු මෙම පහරදිම සිදු කර ඇති අතර පසුව සිය දිවි හානිකරගත් එම පුද්ගලයාගේ මළ සිරුර අසල පිහිටි තේ වත්තක තිබී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පැවසීය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *