පිලිපීනයේ ‘කල්මේගි’ පුද්ගලයින් 114කට මරු කැඳවයි.

පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් මිය ගොස් තිබේ.

ඊයේ (05) ඇති වූ මෙම සුළි කුණාටුව මේ වසරේ මධ්‍යම පිලිපීනයේ ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව වන බව එරට මාධ්‍ය පවසයි. 

‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් කලාපයේ වඩාත්ම ජනාකීර්ණම දූපත වන ‘සෙබු’ නගරය ජලයෙන් යට වී ඇති අතර, එහි පමණක් මරණ 71ක් වාර්තා වී ඇති අතර තවත් 127ක් අතුරුදන්ව 82ක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

බොහෝ මරණ සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බව වාර්තා වෙයි.
 
සුළි කුණාටුව අද (06) උදෑසන පිලිපීනයෙන් පිටත්ව ගොස් මධ්‍යම වියට්නාමය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්ය.

සුළි කුණාටුව හේතුවෙන් තායිලන්තයේ ද ඇති විය හැකි හදිසි ගංවතුර, නායයෑම් පිළිබඳව නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *