කිතුල්ගල දී මාරක අනතුරක්කිතුල්ගල දී මාරක අනතුරක්.

කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු‍ 44ක් වූ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෘත ශරීරය තැලිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිතුල්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *