වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

වෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) දහවල් කාලයේ මාකවිට හා තම්මිට ප්‍රදේශවලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එක් සැකකරුවෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 510 ක් තිබී ඇති අතර අනෙක් සැකකරුවා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19 ක් හා අපරාධයට යොදා ගනු ලැබූ යතුරුපැදියක්ද තිබූ බව සඳහන් වේ.

සැකකරුවන් අවුරුදු‍ 28 හා 33 වයස්වල පසුවන මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *